සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ එවකට සිටි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ අනුදැනුම සහිතව පෞද්ගලික රෝහල්වල වකුගඩු සැත්කම් සිදුකළ බව පෞද්ගලික රෝහල් සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය කියා සිටියේ 2013 වසරේ සිට මෙම සැත්කම් සිදුකිරීම ආරම්භ කළ බවයි. ඉන්දු - ශ්‍රී ලංකා වකුගඩු ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණ වීමත් සමඟ මෙම වකුගඩු සැත්කම් සිදුකළ බවට පෞද්ගලික රෝහල් කිහිපයකට චෝදනා එල්ලවනවා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදියි ඔහු මේ බව කියා සිටියේ.
වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කොට තිබූ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු තම සංගමයේ සාමාජිකයෙකු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (24) මුල්වරට අනාවරණ කළා. එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙරට වෛද්‍ය ක්ෂේත්රයට ඇති පිළිගැනීම බිද දැමීම සඳහා ඉන්දියානු රජය විසින් ක්‍රියාකරන බවට සැක මතු වන බවයි.
මේ අතර, චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 6 දෙනාගෙන් ඉන්දීය පොලීසිය නුදුරේදීම ප්‍රශ්න කරනු ඇති බවට ද හින්දු පුවත්පත අනාවරණ කළා. එමෙන්ම විදේශිකයන්ට මෙරට රජයේ සහ පෞද්ගලික රොහ්ල්වල වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අත්හිටුවීමට ලක් රජය ගෙන ඇති තීරණය පිළිබදව ද ඉන්දීය පොලීසිය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

Follow US
Most Viewed Stories