භික්ෂු කතිකාවත අවශ්‍යයි - මල්වතු මහනාහිමි

Monday, 25 January 2016 - 8:17

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-++%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
ථේරවාදී භික්ෂු කතිකාවතක් පිළිබඳ පනතක අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පැවතියද විවිධ රජයන් දේශපාලන කරුණු මුල් කරගනිමින් එයට මූලිකත්වය නොදුන් බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා. අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍යවරයාට  ලිපියක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ ශාසනික කටයුත්තක් ලෙස සළකා මෙය කඩිනම් කළ යුතු බවයි.

ධර්මධර, විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇතිකරගන්නා ලද සාසනික කතිකාවත්වලට නෛතික බලය ලබාගැනීම ඉතිහාසයේ පවා සිදුවී ඇති බව උදාහරණ ගෙන හැර දක්වමින් උන්වහන්සේ මෙම ලිපියේ පෙන්වා දෙනවා. එබැවින් මෙවැනි පනතක අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවතියද දේශපාලනික හේතූන් මත එය විවිධ අවස්ථාවලදී නොසලකා හැර ඇති බවයි මෙම ලිපියෙන් මහනාහිමියන් අවධාරණය කරන්නේ. මෙලෙස බුද්ධශාසනයේ චිරස්ථිතිය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග දේශපාලනික අරමුණු අරභයා නොසලකා හැරීම හේතුවෙන් මතුව ඇති ගැටළු තවදුරටත් විසඳාගත නොහැකි තත්ත්වයකට යොමුවෙමින් පවතින බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් මෙම ලිපිය මගින් තවදුරටත් කියා සිටියේ වත්මන් රජය ආරම්භ කර ඇත්තේ පසුගිය රජයන් විසින් නොසලකා හැර තිබූ ශාසනික කටයුත්තක් බවයි. මෙකල පවත්නා ශාසනික තත්ත්වයන් පිළිබඳව හා ඇතැම් භික්ෂුන්ගේ ශාසන විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව නිහ`ඩව සිටින්නේ මන්දැයි නැගෙන චෝදනා හමුවේ තවදුරටත් නිහ`ඩව සිටීම තමන් වහන්සේගේ වගකීම නොවන බවද මහ නාහිමියන් පෙන්වා දුන්නා. මේ නිසා මෙම කතිකාවත සඳහා නෛතික බලය ලබාදීමට පියවර ගන්නා ලෙසයි උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ.  

 මේ අතර, මාවනැල්ල අරණායක ප්‍රදේශයේ ඊයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද නව භික්ෂු කථිකාවත පිළිබදව අදහස් පළ කළා. උන්වහන්සේ සදහන් කළේ සංඝ සමාජය පාලනය කිරීමේ අරමුණින් මෙම කතිකාවත රජය විසින් ඉදිරිපත් කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories