මහින්දගේ දේශපාලනය මට අදාළ නැහැ

Monday, 25 January 2016 - 12:43

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනාගතය තමාට අදාළ නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

බී බී සී සන්දේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමාට ඇත්තේ රට සහ ජනතාව ගැන සොයා බැලීම බවයි.

සන්දේශය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවට එක්වූ මාධ්‍යවේදියා හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය මෙන්ම නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට පවතින සූදානම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ප්‍රශ්න කළා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ පක්ෂ සෑදීම වැනි ප්‍රාථමික ක්‍රියා පිළිබඳ විමසීමට වඩා ජනතා සේවයට මුල්තැන දීම තම අරමුණ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories