කොළොන්නාවේ නගර සභාවේ සභාපති අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග

Monday, 25 January 2016 - 14:05

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත ඇතුලූ පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අලූත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් නිහායි අද නියෝග කළා.

ඒ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සත්‍යග්‍රහයට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඊට පෙනී නොසිටීම හේතුවෙන්.

මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පසුගිය දෙසැම්බර් මස 27 වන දා සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර කොළොන්නාව නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් පැමිණ එම සත්‍යග්‍රහයේ නිරත පුද්ගලයින්ට පහර දී තිබුණා.

එම අවස්ථාවේදී එහි කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ නීතීඥ නුවන් බෝපගේ ඇතුලූ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව දැඩි ඇප කොන්දේසි මත දැනට මුදාහැර තිබෙනවා.

මෙම නඩුව මැයි මස 9 වනදා යළි කැඳවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories