වකුගඩු ජාවාරම පිළිබඳ පොලිස් පරීක්ෂණයක්

Monday, 25 January 2016 - 15:47

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වූ බවට සැලකෙන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ඒ අනුව මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අනාවරණ වී ඇති කරුණු පිළිබද විමර්ශනයක් සිදුකරන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියම කර තිබෙනවා.

මේ පිළිබදව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර දින 3ක් ඇතුළත එම කමිටුව පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories