UPDATE: මිලියන 368ක ඇත් දළ විනාශ කරන අයුරු

Tuesday, 26 January 2016 - 8:19

UPDATE%3A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+368%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94
2012 වර්ෂයේදී රේගුව මගින් අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 40 කට ආසන්න වටිනාකමකින් යුත් අප්‍රිකානු ඇත්දළ 359 ක් විනාශ කිරීම මේ වනවිට ගාලූ මුවෙදාර පිටියේදී සිදුකෙරෙනවා.

කෙන්යාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි බලා රැගෙන යාමට ගෙන ආ මෙම ඇත්දළ තොගය 2012 වසරේ මාර්තු 12 වනදා රේගු භාරයට ගෙන තිබුණා.

මෙම ඇත්දළ තොගය විනාශ කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වඳ වී යාමේ තර්ජනයට ලක්වු සත්ව සහ ශාක අන්තර්ජාතික වශයෙන් වෙළඳාම් කිරීම පිළිබඳ සම්මුතිය හෙවත් සයිටීස් සංවිධානයේ මහ ලේකම් ජෝන් ස්කැන්ලන් ද පැමිණ සිටීම විශේෂත්වයක්.

ගාලූ මුවෙදාර පිටියේදී මෙම ඇත්දළ විනාශ කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර සර්වාගමික වතාවත් සිදුකෙරුණා.

එම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක, තිරසාර සංවර්ධනය සහ වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු රජයේ නියෝජිතයන් රැසක් එක්ව සිටියා.

2012 වසරේදී රේගු භාරයට පත්වූ මෙම ඇත් දළ තොගය විනාශ කෙරෙන්නේ අදට යෙදී ඇති ජාත්‍යන්තර රේගු දිනයට සමගාමීවයි.

මෙටි‍්‍රක් ටොන් 1.5 ක බරකින් යුත් මෙම ඇත් දළ තොගයේ වටිනාකම රුපියල් මිලියන 368කට අධිකයි.

ඇත්දළ තොගය විනාශ කිරීමට පැය 7ක් පමණ ගතවන බවයි බලධාරීන් පවසන්නේ. 

මෙම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ  රතන හිමියන් කියා සිටියේ මෙම ඇත්දළවලට වටිනාකමක් ලබා නොදීමට රජය තීරණය කිරීම හේතුවෙන් ඒවා මෙලෙස විනාශ කරදැමීමට පියවර ගත් බවයි.





  
UPDATE .................................................................

රේගු භාරයේ තිබූ රුපියල් මිලියන 368ක් පමණ වටිනා ඇත්දළ 359ක් අද විනාශයට පත් කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද උදෑසන කොළඹ - ගාලූමුවදොර පිටියේදී මෙම ඇත්දළ තොගය ගිනි තබා විනාශ කරන බවයි.

කෙන්යාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි බලා රැගෙන යාමට ගෙන ආ මෙම ඇත්දළ තොගය පසුගිය 2012 වසරේ මාර්තු 12 වන දා රේගු භාරයට ගෙන තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories