ජනරජ දිනයට නවදිල්ලිය බලකොටුවක් වෙයි

Tuesday, 26 January 2016 - 12:47

%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B6%A2+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA++%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අදට යෙදී ඇති ඉන්දියාවේ 67 වන ජනරජ දිනය නිමිත්තෙන් නවදිල්ලි නුවරට ආරක්ෂක බලකොටුවක විධි විධාන යොදා තිබෙනවා.  ඉන්දීය අගනුවර ආරක්ෂක වළලූ කිහිපයක් සකසා ඇති අතර, වැදගත් මර්මස්ථානවල ගුවන් යානා නාශක අවි සහ ස්වංක්‍රීය අවි රැගත් සෙබලූන් යොදවා ඇත.

ජනරජ දින ආචාර පෙළපාලිය පැවැත්වෙන කාලය තුළ නවදිල්ලිය ඉහළ අහසට පිවිසෙන  ඕනෑම ආගන්තුක යානයක් වෙඩි තබා බිම හෙලීමටයි ආරක්ෂක අංශවලට විධාන ලබාදී ඇත්තේ.

ඓතිහාසික රාජ්පත් හි දී ආචාර පෙළපාලිය පිළිගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක සේවාවන් හි අණ දෙන නිලධාරියා වන ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි සමඟ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එක්වනවා.

ඔවුන් සමඟ මෙවර ඉන්දීය ජනරජ දිනයේ විශේෂ ආරාධිතයා වන්නේ  ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඩ්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories