වෙන් නොවන බව නිදහස් පක්ෂය කියයි

Tuesday, 26 January 2016 - 18:36

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කළ බවයි පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ.

ඉදිරි පළාත්පාලන මැතිවරණයේදී පක්ෂයේ සියලූදෙනාම එකතුවී පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කිරීමට මෙහිදී එකඟ වූ බව මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම විධායක සභා රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය නියෝජනය කරන අමාත්‍යවරුන් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා.  

මේ අතර නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ රමේෂ් පතිරණ සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීමෙන් ඉදිරියට යාම තම බලාපොරොත්තුව බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙවැනි ප්‍රකාශ සිදුකළත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ ඇතුලූ පාර්ශව කිහිපයක් සඳහන් කරන්නේ පළාත්පාලන මැතිවරණයට නව පක්ෂයකින් තරඟ කරන බවයි.

ඒ සඳහා සියලූ කටයුතු සූදානම් බව නාරාහේන්පිට අභයාරාමයේ අද පැවති ආගමික වැඩසටහනකින් පසුවද මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories