ජනපතිගේ ප්‍රකාශයට විරෝධය

Wednesday, 27 January 2016 - 6:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සදහා විදේශීය විනිසුරුවන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා බීබීසී සංදේශයට කළ ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරනවා. සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මේ බව සදහන් කළේ
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

".....පොරොන්දුවක් දී තිබෙනවා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මට්ටමින් මේකට විසඳීමක් හොයන්න ඕනේ...කොහොමද ජාත්‍යන්තරයේ ජනතාවගේ සහය මේකට ඇතුළත් කරන්නේ කියලා....ඒ පොරොන්දුවට පටහැණිව තමයි ජනාධිපතිතුමා එහෙම කියලා තියෙන්නේ ....අපි කියන්නේ අපිට ඒක පිළිගන්න බෑ කියලා....අපි විතරක් නෙවෙයි ජාත්‍යන්තර සමාජයම ඒක පිළිගන්නේ නෑ..."

මේ පිළිබවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අමෙරිකානු නියෝජිත කීත් හාපර් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එමගින් ඔහු සදහන් කර ඇත්තේ  ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වසනීයත්වයක් ඇතිවිම සදහා විදේශීය විනිසුරුවන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි.

මේ අතර අදාළ කරුණ සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වගවීමේ ක්‍රියාවලිය සහතික කිරීම සදහා විදේශීය විනිසුරුවන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය අතර  එසේ සිදු නොකිරීමට ශ්‍රී ලංකාවට  කිසිදු නිදහසට කාරණයක් නොමැති බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories