වෙළඳපොලේ ඖෂධ මිල අඩුකිරීමට සෞඛ්‍ය ඇමති සැරසේ

Wednesday, 27 January 2016 - 14:26

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ජාතික ඖෂධ නියාමන අධිකාරිය රෙගුලාසි සකස් කරන තුරු ඖෂධ මිල ගණන් අඩු කළ හැකි ක්‍රමවේදය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ එහි ආයතන ප්‍රධානීන් සමඟ පසුගියදා පැවති රැස්වීමේදීයි. වෙළඳපොලේ පවතින ඖෂධ මිල සියයට 85 දක්වා අඩු කිරීමට ඖෂධ සමාගම් මේ වනවිට කැමැත්ත පළ කර තිබෙනවා.

එම නිසා දැනට රට තුළ පවතින ඖෂධ මිල ගණන් සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන නව වාර්තාව මගින් ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories