කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට, හෝමාගම අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

Wednesday, 27 January 2016 - 17:37

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එන්.සී. ධනසිංහ ප්‍රකාශ කළේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් මෙලෙස ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, එම බන්ධනාගාර තුළට පුද්ගලයන් සහ වාහන ඇතුළු වීමේදී අද (27)  දිනය තුළ අඛන්ඩව පරීක්ෂා කිරීම් සිදුකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

අද දිනයේ කිසියම් පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරිය හැකි බවට බුද්ධි අංශ මගින් තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව, පොලිස් ආරක්ෂාවට අමතරව, බුද්ධි අංශ නිලධාරින් යොදවා බන්ධනාගාරය අවට විශේෂ සුපරීක්ෂණ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇති බව සදහන්.

අධිකරණයට අපහාස කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේ්ස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයට අනුව ලබන මස 9 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ වෙතත් තීන්දුවෙන් පසුව ස්වාමීන් වහන්සේලා ඇතුලූ පිරිසක් අධිකරණ සංකීර්ණයෙන් පිටත සිට ඊට විරෝධය පළ කිරීමත් සමඟ එහි ඇති වුණේ උනුසුම් තත්ත්වයක්.
 
මේ අතර, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අවට අද දිනයේත්, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිසියට අමතරව, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ද ආරක්ෂාව සදහා යොදවා ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

කිසියම් පිරිසක් අධිකරණය අවට කළහකාරි ලෙස හැසිරෙනු ඇති බවට ඇති වූ සැකයක් මත මෙලෙස ආරක්ෂාව තර කර ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories