ඇඹිලිපිටිය සිද්ධිය ගැන කළ ප්‍රකාශයක් බොරු වෙයි

Wednesday, 27 January 2016 - 14:55

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇඹිලිපිටියේ පැවති සාදයකදී පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

ඔහු එහිදී සඳහන්කළේ එම සාදය ඝෝෂාකාරී බවට කිසිදු බාහිර පාර්ශවයකින් පොලීසියට ඇමතුම් ලැබී නොමැති බවයි.

මීට පෙර එසේ ඇමතුම් ලැබුණු බවට මූලික වාර්තා පදනම් කරගනිමින් සිදුකළ ප්‍රකාශයද අමාත්‍යවරයා මෙහිදී නිවැරදි කළා.

අධිකරණ සංකීර්ණය අවට විශාල ශබ්දයක් පවතින බවට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා පොලීසියට දැනුම්දී ඇති බවත් ඒ අනුව පොලිස් ජංගම රථයක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

එම ජංගම රථයේ සිටි නිලධාරීන් දෙදෙනෙකු විසින් පොලීසියට ඇමතුම් ලබාදී ඇති බව ප්‍රකාශ කළ ඔහු ගැටුම හටගත් මොහොතේදී පමණක් ප්‍රදේශවාසීන්ගෙන් ඇමතුම් දෙකක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබී ඇති බව අවධාරණය කළා.



නීතීඥ උදුල් ප්‍රේමරත්න ද මෙවැන්නක් මීට පෙර  අනාවරණය කලේ මෙලෙසින් .....




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories