ඇඹිලිපිටිය සිද්ධියේ නිලධාරීන් අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝග

Wednesday, 27 January 2016 - 16:22

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
සාදයක් අතරතුර පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියයෑමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලූ සිද්ධියට සම්බන්ධ සියලූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න ලෙස අධිකරණය අද නියෝග කළා.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මෙම නියෝගය නිකුත් කළේ සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි.

මෙම සිද්ධිය පිළිබඳ සාක්ෂි විමසීමේ කටයුතු තුන්වන දිනටත් අද සිදු  කෙරුණා.

මේ අතර මියගිය සුමිත් ප්‍රසන්නගේ මිතුරන් පිරිසක්  සාක්ෂි විමසීම සිදුකරන අවස්ථාවේදී ඇඹිලිපිටිය අධිකරණය ඉදිරිපිට මාර්ගයේ නිහඩ විරෝධතාවක නිරතවුණා.

අප වාර්තාකරු සඳහන් කළේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන  ලෙස ඉල්ලමින් බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවූ බවයි.  

ඇඹිලිපිටියේ පැවති සාදයකදී පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකද අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

ඔහු එහිදී සඳහන්කළේ එම සාදය ඝෝෂාකාරී බවට කිසිදු බාහිර පාර්ශවයකින් පොලීසියට ඇමතුම් ලැබී නොමැති බවයි.

මීට පෙර එසේ ඇමතුම් ලැබුණු බවට මූලික වාර්තා පදනම් කරගනිමින් සිදුකළ ප්‍රකාශයද අමාත්‍යවරයා මෙහිදී නිවැරදි කළා.



 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories