ඥානසාර හිමි රෝහල් ගත කරයි

Wednesday, 27 January 2016 - 17:10

%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රෝහල් ගතකර තිබෙනවා. අද පස්වරුවේයි උන් වහන්සේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත්තේ.

ඥානසාර හිමියන් ඊයේ රාත්‍රියේ සිට යම් රෝගී තත්වයකින් පසු වූ බව සඳහන්.

රෝහල් ගතවීමට ඥානසාර හිමියන් අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් බන්ධනාගාර නිළධාරීන්  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්  රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබු ඥානසාර හිමියන්  රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

ඊයේ පෙරවරුවේ හෝමාගම පොලිසියට භාරවීමෙන් පසු ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කිරීමෙන් පසු  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමා කළ වරද  රැස්ව සිටි පිරිස ඉදිරියේ පිළිගත්තේ මෙලෙසින්.  








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories