ෆේස්බුක් “like” අලුත් වෙයි (ඡායාරූප)

Thursday, 28 January 2016 - 10:44

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E2%80%9Clike%E2%80%9D+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වර්තමානයේ ජනප්‍රියතම සමාජ වෙබ් අඩවියක් වන ෆේස් බුක් සමාගම නව විශේෂාංගයක් හඳුන්වාදීමට සුදානම් වනවා.

“dislike” හෙවත් අකමැත්ත ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බවට මීට පෙර හෙළි වී තිබුන ද එය ක්‍රියාත්මක නොවන බවයි සමාගම ප්‍රකාශකර ඇත්තේ.

ඒ වෙනුවෙන් දැනට පවතින ('like' button) එක තවත් කොටස් කිහිපයකට වෙන්කිරීමට තීරණය වී තිබෙනවා.

එය ඉතාමත් නුදුරේදීම හඳුන්වාදෙන බවයි ෆේස්බුක් සමාගම ප්‍රකාශකර ඇත්තේ.

ඒ අනුව මේවන විට බිලියන 1 යි දසම 6 ක් පමණ වන ෆේස්බුක් පරිශීලකයන්ට නව ('like' button) තුලින් තම මිතුරන් සමාජ මාධ්‍ය ජාලය තුල දක්වන අදහස්වලට සහ ඡායාරූප මෙන්ම වීඩියෝවලට තමා තුල ඇති කැමැත්ත හෝ හැගීම ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

අමරිකාවෙන් භාහිරව සිදුකල පරීක්ෂණ කිහිපයකින් පසු නව ('like' button) හඳුන්වා දෙන බවයි ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සඳහන් කලේ.

නව ක්‍රමවේදය අනුව නව ('like' button) තවත් කොටස් 5 කට වෙන්කර ඇත්තේ ඡායාරූප / වීඩියෝ හෝ මිතුරන් දක්වන අදහස්වලට තමාගේ ඇති හැගීම් ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව තවත් පුලුල් කිරීමටයි.

ඒ අනුව ලයික් බට්න් එක යටතේ  "angry," ''sad," ''wow," ''haha," සහ "love." යන විශේෂාංග හඳුන්වා දෙනු ඇති.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories