කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් 1000 ක්

Thursday, 28 January 2016 - 13:35

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+1000+%E0%B6%9A%E0%B7%8A
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පැවැත්වූ අදහස් විමසීමේදී මහජන අදහස් දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ඒ සඳහා පත්කළ කමිටුව ප්‍රකාශ කළා.  

ඊමේල් පණිවුඩ 400 ක්, ලිඛිත සහ වාචික අදහස් 398 ක්, ෆැක්ස් මගින් අදහස් 70ක්, ඊට අයත් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම කමිටුවේ  සභාපති නීතීඥ ලාල් විජේනායක සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම මේ වනවිට අවසන් කර ඇති අතර, ලබන පළමුවනදා සහ දෙවනදා ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවලදී යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සිදු කෙරෙනවා.

එසේම ඉදිරියේදී නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අගමැතිවරයාගේ, ජනාධිපතිවරයාගේ සහ පූජ්‍ය පක්ෂයේද අදහස් විමසන බවයි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ කමිටු සභාපති ලාල් විජේනායක කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories