ඥාණසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Thursday, 28 January 2016 - 14:36

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අද (28) ගොනුකළ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කළා.

නීතීඥයෙකු මාර්ගයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම මෝසම ගොනු කරනු ලැබුවේ අද පෙරවරුවේදීයි.

මෝසම ඉවත දමමින් මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේ තම හිසට පිස්තෝලයක් තැබුවද තමාදුන් නියෝග වෙනස්  නොකරන බවටයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පෙබරවාරි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුව පසුගිය 25 වනදා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනා.

එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ද පැමිණ සිටියා.

නඩු විභාගයෙන් අනතුරුව ඥානසාර හිමියන් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී අධිකරණ කටයුතුවලට බාධාවන පරිදි දේශනයක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. පසුව පෙරේදා දිනයේ එම හිමියන් අත්අඩංගුවට ගනු ලැබුවා.

අධිකරණයට ඉදිරිපත් කළ ඥාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

එදින අධිකරණ භූමියට පැමිණ ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඥාණසාර හිමියන් බන්ධනාගාරය වෙත රැගෙන යාමට එල්ල වූයේද දැඩි බාධාවක්.

මේ අතර ජූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු බවට සැකපිට ත්‍රීරෝද රථ රියදුරෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories