නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළෙනුත් - රජයෙන් ප්‍රකාශයක්

Thursday, 28 January 2016 - 18:58

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙවර නිදහස් දින ජාතික උත්සවයේදී, ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී අද (28 ) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම විදේශීය බැංකුවල ඇති ගිණුම් පිළිබඳව අනාවරණය වී ඇති නම් ලැයිස්තුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම තවමත් සඳහන් වී නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

ඒ, පසුගිය රජය සමයේ විදේශීය බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ පිළිබඳව මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න නීතිපති දෙපාර්තමේන්තුව වෙතද විවේචනයක් එල්ල කළා.

අමාත්‍යවරයා කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා එල්ල කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories