පීකොක් මන්දිරයේ වැලි ගොඩ ගනී

Friday, 29 January 2016 - 12:47

%E0%B6%B4%E0%B7%93%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පසුගිය සමයේ ආන්දෝලනයකට තුඩු දුන් ව්‍යාපාරිකයෙකු වන ඒ.එස්.පී ලියනගේට අයත් රාජගිරියේ පිහිටි පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ පුරවා ඇති වැලි ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එහි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් එක්ව සිටින බවයි පීකොක් මන්දිරයේ හිමිකරු වන ඒ.එස්.පී. ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පසුගිය 13 වනදා ඔහු පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ එම මන්දිරයේ පිහිටි පිහිනුම් තටාකය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අයත් රත්‍රං සඟවා ඇත්දැයි සොයා බලන ලෙසයි.

පසුව පොලිස්පතිවරයා විසින් අදාළ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබුණා.

පසුගිය සමයේ ඒ.එස්.පී. ලියනගේට අයත්ව තිබූ පීකොක් මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණය සඳහා ලබාදෙන බවට වාර්තා පළ වී තිබුණා.

හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යොතිෂඥයින් ලබාදුන් උපදෙස් මත මෙම පිහිනුම් තටාකය වැලිවලින් පිරවූ බවයි ඒ.එස්.පී ලියනගේ සඳහන් කළේ.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories