ස්වාධීන රූපවාහිනි සිද්ධියේ බරපතල වංචා කොමිසමේ තීන්දුව පෙබරවාරි 2

Friday, 29 January 2016 - 12:53

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+2
ස්වාධීන රූපවාහිණී සිද්ධිය සම්බන්ධයෙන් බරපතල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් තීන්දුව ලබන පෙබරවාරි 26 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව කොමිසමේ නිර්දේශ පදනම් කර ගනිමින් වැරදිකරුවන්ට නඩු පැවරීම සිදුවන බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මාස 08 ක පමණ කාලයක් තිස්සේ ජනාධිපති විමර්ශන කොමිසම අඛණ්ඩව සාක්ෂි විමසීම සිදුකරනු ලැබුවා.

ඊට අදාළව හිටපු ජනාධිපතිවරයා, හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම දේශපාලනඥයන් කිහිප දෙනෙකුම මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන්නා.

අද දිනයේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියා.

කෙසේ වෙතත්, අද කොමිසමේ වැඩකටයුතු කල් දැමීම හේතුවෙන් සාක්ෂි විමසීමක් සිදුකෙරුණේ නැහැ.

මේ වනවිට මූලික වටයේ සියලූ විමර්ශන අවසන් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, චෝදනා එල්ල වී ඇති පාර්ශවය ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත්තේ පෙබරවාරි 18, 19, 25 සහ 26 දිනවල සිය පාර්ශවයෙන් සාක්ෂි ලබාදීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව කොමිසම එම ඉල්ලීමට ඉඩ ලබාදී තිබෙනවා.

ලබන 26 වනදා සියලූ සාක්ෂි විමසීම් අවසන් කර ස්වාධීන රූපවාහිණි සිද්ධියට අදාළව ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories