මහනගර සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම එළිදැක්වේ

Friday, 29 January 2016 - 13:17

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
කොළඹ - ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් ඒකාබද්ධ කෙරෙන නව මෙගාපොලිස් මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය දියත් කිරීම දැන් ආරම්භ වී තිබෙනවා.

එහි සමාරම්භය සලකුණු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹ - 07 නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේ නා පැළ දෙකක් රෝපණය කළා.

වසර 15 කදී සම්පූර්ණ කිරීමට නියමිත මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 40 කට වැඩි මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ආර්ථික සංවර්ධනය, සමාජ සමානාත්මතාව, පරිසර සංරක්ෂණය සහ ජනතා සන්තුෂ්ටිය අරමුණු කර ගත් බස්නාහිර මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තවත් උප ව්‍යාපෘති 150 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වරාය නගර ව්‍යාපෘතිය සහ ගුවන් පුරවර ව්‍යාපෘතිය ද ඊට ඇතුළත්.

බස්නාහිර මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය එළිදැක්වීමේ උත්සවයේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි.

ශ්‍රී ලංකාව ඔදවත්, තෙදවත්, ලොව බබළන රටක් බවට පත් කිරීමට බස්නාහිර මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය ඉවහල් වනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

බස්නාහිර මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය එළිදැක්වීමේ උළලේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාව ද කලාපයේ දියුණු රටක් බවට පත් කිරීම සඳහා යන ගමනට මෙම සැලැස්ම ඉවහල් වනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories