මාවතගමදී ඝාතනයට වූ දැරිය ලිංගික අපයෝජනයකට ලක්වූ බවට සලකුණු

Friday, 29 January 2016 - 13:34

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
කුරුණෑගල - මාවතගම - තල්ගස්පිටිය පාලම අසල පාළු නිවසක තිබී සොයාගත් 13 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කර ඇති බවට සැක මතුවී තිබෙනවා.

මියයාමට පෙර දැරිය ලිංගික අතවරයකට ලක්ව ඇති බව බාහිර නිරීක්ෂණවලින් පෙන්නුම් කෙරෙන බවයි මාවතගම පොලිසිය ප්‍රකාශ කළේ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ දැරියගේ සිරුර පිළිබඳ  පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මේ පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹිය හැකි බවයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සැකපිට පුද්ගලයන් 03 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට දැරියගේ සිරුර හමුවු නිවසේ පදිංචිව සිටි පුද්ගලයාද ඇතුළත්.

ඝාතනයට ලක්වු දැරිය ඊයේ උදෑසන නිවසෙන් පිටත්ව ගොස් තිබුණේ කිරි අලෙවි කිරීම සදහායි.

නමුත් දැරිය නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් ඇය සෙවීම ආරම්භ කළා.

ඊයේ රාත්‍රියේ ඇගේ සිරුර හමුවූයේ නිවසට නුදුරින් පිහිටි වත්තක වූ නිවසක තිබියදීයි.

එය හමුවන විට  සම්පූර්ණයෙන් ඇඳ ඇතිරිලිවලින් ඔතා තිබුණු බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ නිවසේ වත්තේ මුරකරු නැවතී සිට ඇති නමුත් සිරුර හමුවන විට ඔහු නිවස ආසන්නයේ සිට නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories