ඩිෆෙන්ඩර් යුගය අවසන්

Friday, 29 January 2016 - 14:50

%E0%B6%A9%E0%B7%92%E0%B7%86%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ නිශ්පාදනය අද සිට නතර කිරීමට තීරණය වී තිබෙනවා.

අවසන් ඩිෆෙන්ඩර් රථය එකලස් කිරීමේ කටයුතු අද සිදු කෙරෙන බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

වසර 68 කට ආසන්න කාලයක් ඩිෆෙන්ඩර් ලොව පුරා භාවිතයට ගැනුනා.

ඩිෆෙන්ඩර් රථයක් පළමු වරට හඳුන්වා දෙනු ලැබුවේ 1948 වසරේදීයි.

ඒ ඇමස්ටර්ඩෑම් මෝටර් රථ ප්‍රදර්ශණයේදී.

පළමු වරට මෙම වර්ගයේ රථ 8000 ක් වෙළඳ පොලට නිකුත් කෙරුනු අතර ඒ සියල්ල ඉක්මනින් විකිණී අවසන් වීම විශේෂත්වයක්.

මේවන විට මිලියන 2 කට අධික ප්‍රමාණයක් නිශ්පාදනය කර ඇති ඩිෆෙන්ඩර් රථ ලොව පුරා ආරක්ෂක අංශ භාවිත කරන වාහනයක් බවට ද පත්ව තිබෙනවා.

නිශ්පාදන සමාගම පෙන්වා දෙන්නේ ගොවියාගේ සිට බ්‍රිතාන්‍ය මහ රැජිණ දක්වා විවිධ පංතිවල පුද්ගලයන් කැමැත්තක් දක්වන මෙම වාහනය වෙනුවෙන් නව රථයක් හඳුන්වාදීමට නුදුරේදීම බලාපොරොත්තුවන බවයි.



 






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories