එදා මෙදාතුර අපේ රටේ සංවිධාන වන දැවැන්තම වන්දනා ගමන - ‘‘හිරු සිරිපා කරුණාව‘‘ නල්ලතන්නියට ළඟාවේ

Friday, 29 January 2016 - 17:47

%E0%B6%91%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+-+%E2%80%98%E2%80%98%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80%E2%80%98%E2%80%98+%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ලක් ඉතිහාසයේ සංවිධාන වන, මහා වන්දනා ගමන, "හිරු සිරිපා කරුණාව" වන්දනා නඩය මේ වන විට හැටන් නල්ලතන්නියට ලගා වී තිබෙනවා.

සාධුකර මැද  තවත් සුලු වේලාවකින් සුදුවතින් සැරසුණු බැතිමතුන් විශාල පිරිසක්  සිරිපා කරුණා කිරීමට නියමිතයි.

හිරු එෆ් එම් සංවිධාන කරන මේ සුපින්බර වන්දනා ගමනට එක්ව සිටින්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයින්.

අද(29) උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වන්දනා නඩ රැගත් රථ  පෙරහර  ආරම්භ කළා.

ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සැලසීමට හිරු එෆ් එම් කටයුතු යොදා තිබෙනවා.

මෙවර හිරු සිරිපා කරුණාවේ සුවිශේෂීත්වය වන්නේ උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නමක් වැඩම කරවීමයි.

මහියංගනයේ සිට සිරිපා කරුණාවට වන්දනා නඩය පිටත් වූයේ මහියංගනය රාජමහා විහාරස්ථානයෙන්. අනතුරුව හසලක - උඩුදුම්බර - හුන්නස්ගිරිය - තෙල්දෙනිය - දිගන - මහනුවර හරහා වන්දනා නඩයත් රැගෙන එම වන්දනා නඩය  මීට සුලු වේලාවකට පෙරයි නල්ලතන්නියට ලඟාවුයේ.
 
කළුතර බෝධිය අසලින් ගමන් ආරම්භ කල වන්දනා නඩයට  කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයෙන්ද බැතිමතුන් එක්වුණා.

මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයෙන් සිරිපා කරුණාවට එක්වු වන්දනා නඩ රැගත් බස් රථ වේයන්ගොඩ - නිට්ටඹුව - වරකාපොල - කෑගල්ල - මාවනැල්ල - කඩුගන්නාව - හැටන් ප්‍රදේශ පසුකරමිනුයි නල්ලතන්නියට ලඟාවූයේ.

දිවයිනේ සංවිධාන වන දැවැන්තම වන්දනා ගමන වන හිරු සිරිපා කරුණාවට ඇඹිලිපිටියෙන්ද තවත් බැතිමතුන් දැවැන්ත පිරිසක් එක්ව සිටිනවා.

උත්තරීතර පූජා කරඬු වහන්සේ රැගත් තවත් රථ පෙරහර හිරු සිරිපා කරුණාවට නිකවැරටියෙන්ද ගමන් ආරම්භ කළා.

මේ සියළු වන්දනා නඩයි අද මීට සුලු වේලාවකට පෙර නල්ලතන්නියේදී එකට එක්වූයේ.

හිරු සිරිපා කරුණාවට එක්වීමට නොහැකිවු තවත් දහස් ගණනක් ශ්‍රාවක බැතිමතුන් වන්දනා නඩ ගමන් ගත් මඟ දෙපස රැදී සිටිමින් පුද පඬුරු - පූජා භාණ්ඩ හිරු අපේ කණ්ඩායමට ලබා දුන්නේ ඉමහත් බැති සිතිනුයි.

වන්දනා ගමනේ සියලු තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට සුදානම්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories