මාධ්‍යයට තර්ජනය නොකළ බව අගමැති කියයි

Friday, 29 January 2016 - 19:21

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමා මාධ්‍යයට තර්ජනය නොකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර, පුරප්පාඩු වී ඇති නීතිපති තනතුරට සුදුස්සෙකු මෙතෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ දැනට එම ධුරයේ වැඩ බැලීමට පත් කර ඇති සුදුසුකම් සහිත පුද්ගලයා වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමේ සූදානමක් ඇති බවට වාර්තා වී ඇති බවයි.

එසේම දියවඩන නිළමේවරයාගේ ධුර කාලය වසර 05 ක් දක්වා සීමා කෙරෙන බෞද්ධ විහාර දේවාල ගම් සංශෝධන පනත් කෙටුම්පතද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එම පනතට අනුව දියවඩන නිලමේවරයාගේ ධුර කාලය වසර 10 සිට 5 දක්වා සීමා කරන අතර එක් තැනැත්තෙකුට ඉදිරිපත්විය හැක්කේ වාර 3 ක් සඳහා පමණයි.

මීට අමතරව දියවඩන නිලමේවරයාට බස්නායක නිලමේ ධුරයක් දැරීමේ අවස්ථාවද අහිමිවනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories