දියේ ගිලී තරුණයන් දෙදෙනෙකු මරුට

Saturday, 30 January 2016 - 7:05

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කහවත්ත ගනේගම ප්‍රදේශයේ දිය ඇල්ලක දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ ඔවුන් අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙලෙස මියගොස් ඇත්තේ ලෙල්ලොපිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සහ 19 හැවිරිදි දෙදෙනෙක්.

මළ සිරුරු කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කෙරෙනවා.

අප වාර්තාකරු සඳහන් කලේ දියේ ගිලුණු තරුණයකු බේරා ගැනීමට ගිය ඔහුගේ යහලුවා ද දියේ ගිලී ඇති බවයි.

පළමුව දියේ ගිලුනු තරුණයා බේරා ගැනීමට ගිය තරුණයා ජලයට පනින ආකාරය එම ස්ථානයේ සිටි අයෙකු වීඩියෝගත කර තිබෙනවා.

පසුව එම තරුණයා ද දියේ ගිලී අතුරුදන්වු අතර පසුව ඔවුන් දෙදෙනාගේම සිරුරු සොයා ගැනුනා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories