හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට FCIDයට

Saturday, 30 January 2016 - 10:46

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%A7+FCID%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඒ පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලයේ සිටියදියි.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ෂෙරෝන් සමරසිංහ මේ බව තහවුරු කළා.

CSN නාලිකාවේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පසුගිය දා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

ඒ අනුව ඔහු මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ප්‍රකාශ ලබාදුන්නා.

ඊට අමතරව ජනාධිපති මාධ්‍ය අංශයේ පැවැති කැසට් පට කිහිපයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ද රොහාන් වැලිවිටගෙන් කරුණු විමසා තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories