අත්අඩංගුවට ගෙන ගමන නැවැත්විය නොහැකියි

Saturday, 30 January 2016 - 18:11

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92
අත්අඩංගුවට ගැනීමෙන්  රාජපක්ෂවරුන්ගේ ගමන නැවැත්විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හෙතෙම මේ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතලේ  අද පැවති ජනහමුවකට සහභාගි වෙමින්.

සිය පුත් යෝෂිත රාජපක්ෂගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කිරීම පිළිබඳව ඔහු මෙහිදී අදහස් පළ කළා.  ඔහු කියා සිටියේ තම රජය යුද්ධය අවසන් නොකළා නම් මූළ්‍ය අපරාධ කොට්ඨාශ පිහිටුවීමට කිසිවෙකුටත් ඉඩ නොලැබෙන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තමන් යෝෂිතගෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමසා සිටි බවත් එහිදී යෝෂිත පැවසුවේ ‘‘ඔව්... මාව අත්අඩංගුවට ගන්නවා, තාත්තා තාත්තාගේ වැඩක් බලාගන්න‘‘ බවද මහින්ද රාජපක්ෂ පවසනවා.



හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (30) අත්අඩංගුවට ගත්තා. නාවික හමුදාවේ ලූතිනන්වරයෙකු වන යෝෂිත රාජපක්ෂගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කළේ ඔහු නාවික හමුදා මූලස්ථානයට කැඳවීමෙන් අනතුරුවයි.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, CSN නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග ඇතුලූ තවත් සිව්දෙනෙකුද අද අත්අඩංගුවට ගත්තා.

ඒ, CSN නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු  ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව පවත්වාගෙන යෑම යන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

මෙම  පිරිසගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයේදී  ප්‍රශ්න කිරීම් සිදුකළා.   




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories