නිදහස් පක්ෂයෙන් තවත් සන්ධානයක්

Saturday, 30 January 2016 - 18:42

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර යළි හොඳ හිත ඇති කිරීම සඳහා ජාතික ආණ්ඩුවට එක්වී සිටින නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් සූදානම් වනවා.

මෙම කණ්ඩායමට නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 කට අධික පිරිසක් ඇතුළත් වන බවයි වාර්තාවන්නේ.

අනුරාධ ජයරත්න, ලසන්ත අලගියවන්න, දුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලංසා යන නියෝජ්‍ය අමාත්‍යවරුන් මේ සඳහා පෙරමුණ ගෙන ඇති අතර සුසන්ත පුංචි නිලමේ, ලක්ෂමන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම, තාරක බාලසූරිය, දුශ්‍යන්ත මිත්‍රපාල, තාරානාත් බස්නායක යන නියෝජ්‍ය අමාත්‍යවරුන් ද ඊට සහාය ලබාදෙන බව සදහන්.

ඔවුන් දැනටමත් මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡා කර තිබෙනවා.

මීට පෙර අමාත්‍ය එස්.බී. දිසානායක ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරයා අතර සුහදතාව වර්ධනය කිරීමේ උත්සාහයක නිරත වුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories