ඥාණසාර හිමියන්ගේ මව දළදා සමිඳුන්ගේ පිහිට ඉල්ලයි

Saturday, 30 January 2016 - 22:31

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීමට අද උන්වහන්සේගේ මව සහ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් මහනුවර ශ්‍රී දළදා මාළිඟා පරිශ්‍රය වෙත පැමිණියා.

මීට සමගාමීව මහනුවර තරුණ සංවිධානයද උන්වහන්සේ නිදහස් කරන ලෙස බලකරමින් මහජන අත්සන් විසි පන් ලක්ෂයක් ලබාගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙහි පළමු අත්සන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මෑණියන් වන ඩබ්ලිව්.යූ.ජී. ගුණවතී විසින් තැබූ බවයි.   

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව බන්ධනාගාර ගතකිරීමට විරෝධය පළ කරමින් තරුණයන් කිහිපදෙනෙකු අද පස්වරුවේ දළඳා මාළිගාව ඉදිරිපිටදී හිස බූ ගා ඔවුන්ගේ විරෝධය පළ කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඥාණසාර හිමියන් පෙබරවාරි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories