හෝමාගම අධිකරණය අසළ කලහ කළ සිව් දෙනා රිමාන්ඩ්

Sunday, 31 January 2016 - 18:50

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B6%9A%E0%B6%BD%E0%B7%84+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට කලහකාරී බවට හැසිරුණු බවට අත්අඩංගුවට ගත් හතර දෙනා පෙබරවාරි මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් සුදර්ශන සූරියප්පෙරුම හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

පෙබරවාරි මස 9 වන දා මොවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස ද වැබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සිව් දෙනා අතර ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු ද වන බව සදහන්.

පසුගිය 26 වන දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ ඊයේ දිනයේදියි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීමට අදාළ නඩු විභාගයේදී අධිකරණයට  අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගතකළ පසු මෙම පිරිස ඇතුලූ ගිහි පැවිදි කණ්ඩායමක් අධිකරණ භූමියේ කළහකාරී ලෙස හැසිරුණා.

අධිකරණ භූමිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ද ලබාදී තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories