පෘථිවිය මෙන් 10 ගුණයක බර නව ග්‍රහ වස්තුවක් සොයා ගනී

Sunday, 31 January 2016 - 19:43

%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F++%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පෘථිවිය මෙන් 10 ගුණයක බරින් යුතු නව ග්‍රහ වස්තුවක් සොයා ගැනීමට ඇමරිකානු නාසා ආයතනය සමත් වී ඇති බව තාරකා ජීවවිද්‍යා ගවේෂක හා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න පවසනවා.

සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්යයාගේ සිට නෙප්චූන් ග්‍රහයාට ඇති දුර මෙන් 20 ගුණයක්, මෙම නව වස්තුවට පවතින බවටයි විශ්වාස කෙරෙන්නේ.

වසර 150කට පසුවයි මෙවැනි ග්‍රහ වස්තුවක් සොයා ගැනීමට හැකි වී ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම නව ග්‍රහ වස්තුව සෞරග්‍රහ මණ්ඩලයේ 9 වන සාමාජිකයා ලෙස නම් කිරීමට පෙර මේ සම්බන්ධයෙන් තවදුරටත් ගවේෂණ සිදුකළ යුතු බවයි ඇමරිකාවේ නාසා ආයතනය පවසන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories