මේවට මාව අල්ලලා කූඩු කළානම් බොහොම හොඳයි

Sunday, 31 January 2016 - 22:24

%E0%B6%B8%E0%B7%9A%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%BA%E0%B7%92
බන්ධනාගාරගත ගතකර සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු 5 දෙනාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ  අද (31) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණියා.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව සී.එස්.එන් සමාගමේ අධ්‍යක්ෂවරියක් වන ෂාඩියා කරුණාජීව නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවයි. කෙසේ වෙතත් ඇය මේ වනවිටත් විදේශගතව සිටින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ, රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග, කවිෂාන් දිසානායක සහ අෂාන් ප්‍රනාන්දු යන අය ඊයේ රාත්‍රි 7.30ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා. සී.එස්.එන් නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපල යොදා ගැනීමල හෙළිකළ නොහැකි මුල්‍ය ප්‍රතිපාදන යොදාගෙන එම නාලිකාව ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම ඔවුන්ට එරෙහි චෝදනායි.
 
රිය අනතුරකට ලක්ව සිටි කවීෂාන් දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.ඒ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය කරුණු දැක්වුවා.
            
".....බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව කවිෂාන් දිසානායක යන සැකකරු පමණක් වැඩිදුර ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහල්ගත කෙරුණා.. අනෙක් අය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක රඳවලා තියෙනවා.... අවශ්‍ය ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා... ඊට අමතරව බන්ධනාගාර භූමියට විශේෂ ආරක්ෂාවක් යොදවලා තියෙනවා අනවශ්‍ය පුද්ගලයින් පැමිණීම වැළැක්වීම සඳහා... බන්ධනාගාරය තුළින් ඕනෑම සැකකරුවෙකුට ලබාදෙනවා ආහාර... අවශ්‍ය නම් ගෙවල්වලින් ගෙන්වා ගන්න පුළුවන් තුන්වේලටම... මේ වනතෙක් කිසිදු සැකකරුවෙක් එහෙම ඉල්ලීමක් කරලා නැහැ මේ සිද්ධියට අදාළව..."
 
මේ අතර, රක්ෂිත බන්ධනාගරත කර සිටින සිය පුත්‍රයා ඇතුළු පිරිසකගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ  අද දහවල් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණියා.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සාලින්ද දිසානායක  ද රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ සිටියා.
අඩ හෝරාවකට ආසන්න කාලයක් බන්ධනාගාරය තුළ රැදී සිටි හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.


හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ....
 
"......දේශපාලනය කරන අයගෙන් පළිගත්තාට කමක් නෑ... ළමයින්ගෙන් පළි ගැනීම තමයි මේකේ වරද.... මේවට මාව අල්ලලා කූඩු කළානම් බොහොම හොඳයි... දොස්තර මහත්තයෙක් ඉන්නවා ෂෙයා හෝල්ඩර් කෙනෙක්...  එතුමාට කියලා තියෙන්නේ යෝෂිතගේ නම කියන්න එතකොට අපි තමුන්නාන්සේ එළියට දාන්නම් නැත්නම් හිරේ යවන්නන්.....

....... 9 - 10 ඔහු විභාගයට සූදානම් වෙනවා... දැන් බලන්න ඒ ළමයට තියෙන අසහනය... මගේ දරුවා පැත්තක තියන්න... අර දරුවා ගැන අපි කතා කළොත් ඒක මහා අසාධාරණයක්.... තව මනුස්සයෙක්ගේ අත් කැඩිලාල කකුල් කැඩිලා උස්සගෙන ආවේ... එයත් රිමාන්ඩ් එකේ...මේක තමයි සත්‍ය කතාව යහ පාලනයේ..."

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ

"......බොහෝ දෙනෙකුට ලොකු උවමනාවක් තිබුණා කිහිපදෙනෙකු අත්අඩංගුවට අරන් හරි කමක් නෑ  විපක්ෂය මර්දනය කරන්න.... යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය කියලා ලෝකයට මවා පාලා අහිංසක කට්ටිය අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා දාලා දේශපාලනික වශයෙන් දඩයම් කිරීම පළි ගැනීම තවමත් ක්‍රියාත්මක වෙනවා...."





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories