ඇඹිලිපිටිය 'පොලිසියේ පිරිස' අත්අඩංගුවට ගන්න පොලිසියට බැරිලු

Monday, 01 February 2016 - 10:41

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%27%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A++%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%27+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7++%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%94
අධිකරණ නියෝගය අනුව ඇඹිලිපිටිය සිද්ධියට  සම්බන්ධ බව පැවසෙන පොලිසියේ පිරිස මෙතෙක් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි හිරු ප්‍රවෘත්ති පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා. හෙතෙම පැවසුවේ ඇඹිලිපිටිය සිද්ධිය සම්බන්ධ සියළු විමර්ශන - නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් මත ක්‍රියාත්මක කරනුයේ  අපරාධ විමර්ශන අංශය බවයි. ඒ අනුව ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ  නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව පොලිසිය ගෙන ඇති පියවර කුමක්ද යන්න පිළිබඳව මේ වනවිට මතුව ඇත්තේ දැඩි කතාබහක්.

සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා, ස්ථානාධිපතිවරයා ඇතුළු සියලූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස  අධිකරණය නියෝග කළා.

අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කර තිබියදීත් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මේ වන විට පොලිස් මූලස්ථානයට අනුයුක්ත - නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට මාරු කර යවා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අධිකරණ තීන්දුවට අනුව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.

ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියයාමේ මෙම සිද්ධියට අදට සති 03 කට වැඩි කාලයක් ගත වී තිබෙනවා. ඒ සඳහා අධිකරණ නියෝගයක් ද ලබාදී ඇතත්, මේ වනතුරුත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

අධිකරණ නියෝගයක් පවා තිබියදී සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගැනීම පිළිබදව පොලිස්පතිවරයාට එරෙහිව රීට් ආඥාවක් ලබා ගන්නා බව නීතිඥ උදුල් ප්‍රේමරත්න සදහන් කළා.

අදාළ තරුණයා මිය යාම සම්බන්ධයෙන් එදින ඇඹිලිපිටිය පොලීසියේ සේවය කළ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සඳහන් කළේ මිය ගිය තරුණයාගේ ඥාතීන් සිදුකළ පැමිණිලිවලට අදාළව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමට තීරණය කර ඇති බවයි.

මේ වන විටත් ඊට අදාළව සිවිල් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවයි ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories