'දුර්ලභ ගණයේ ලොව විශාල මැණික' ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

Monday, 01 February 2016 - 13:58

%27%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B7+%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%27+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලී වර්ගයක  විශාල මැණිකක් හමුව තිබෙනවා.  එය ලොව විශාලම ඒකනයිට් මැණික යැයි සැළකෙන මැණික් ගල මෙන් තුන් ගුණයකටත් වඩා විශාල බවයි පැවසෙන්නේ.

වැලිමඩ ප්‍රදේශයෙන් හමුව ඇති දැඩි විකිරණශීලී දුර්ලභ ගණයේ මැණික රත්නපුර ප්‍රදේශයේදී අළෙවි කර තිබෙනවා. එය මිළදී ගත් ව්‍යාපාරිකයා සඳහන් කර ඇත්තේ  වැලිමඩ ප්‍රදේශයේ කළුගල් කොරියකින්  මැණික හමුවී ඇති බවක්.

එහි බර කැරට් 498කට අධිකයි.  කපා ඔප දැමූ ලොව විශාලතම ඒකනයිට් මැණිකෙහි බර කැරට් 168ක්. එයද මෙරටින් හමුවූවක්.  ඒ  1985 දී  රත්නපුර ඇහැළියගොඩ ප්‍රදෙශයෙන්. එම මැණිකෙහිි රේඛා 08ක් පිහිටා  ඇති බව පැවසෙයි.

ඒකනයිට් මැණික් ගල්වලින් විකිරණ නිකුත් වන බැවින්, ඒවා  මනුෂ්‍ය භාවිතාවට ගැනෙන්නේ නැහැ. ඒවා  දැඩි ආරක්ෂක විධික්‍රම යටතේ තැන්පත් කෙරෙනවා.

ඒකනයිට් ඛනිජය ලොව මුලින්ම සොයා ගෙන ඇත්තේ වර්ෂ 1953 දී ශ්‍රී ලංකාවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories