හිටපු LTTE නායක එමිල් කාන්තන් ට එරෙහි වරෙන්තුව සහ රතු නිවේදනය ඉවතට

Monday, 01 February 2016 - 14:30

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+LTTE+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%91%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ එමිල් කාන්තන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ විවෘත වරෙන්තුව සහ රතු නිවේදනය කොළඹ විශේෂ මහාධිකරණ කොමසාරිස්, අයිරාංගනී පෙරේරා අද (01) ඉවත් කළා.

කළුතර ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන එමිල් කාන්තන් මීට පෙර ඇප මත මුදා හැරුණා.

කෙසේ වෙතත්, පසුව එමිල් කාන්තන් ශ්‍රී ලංකාවෙන් පළා ගිය අතර ඒ අනුව මොහුව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කළා.

ඔහුගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා මෙරට අධිකරණයකට පැමිණ භාරවීමට සූදානම් බවයි.

එහෙත් මෙරට අධිකරණයක් මගින් නිකුත් කර ඇති මෙම වරෙන්තුව හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකියාවක් ලැබී නොමැති බව ද ඔවුන් පෙන්වා දුන්නා.

ඒ අනුවයි ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විශේෂ මහාධිකරණ කොමසාරිස්වරයා මෙම විවෘත වරෙන්තුව සහ රතු නිවේදනය ඉවත් කරනු ලැබුවේ.

එමිල් කාන්තන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය කටයුතු ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ අයෙක්.

2005 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාවගේ ජන්ද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටි රනිල් වික්‍රමසිංහට ලැබීම වැළැක්වීම සඳහා පසුගිය රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සම්බන්ධීකරණය සිදුකළේ මොහු හරහා බවට ද ප්‍රකාශ වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories