ධීවර විරෝධතාවකින් ප්‍රංශ ජාතිකයින් රැගත් දුම්රියක් මීගමුවේ සිරවේ

Monday, 01 February 2016 - 18:53

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%9A
පුත්තලම, හලාවත සහ මීගමුව, ඇතුළු ප්‍රදේශ කිහිපයක ධීවරයන් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවයක් නිසා කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ සහ දුම්රිය මාර්ගයේත් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

විරෝධතාවය හේතුවෙන් ප්‍රංශ සංචාරකයන් පිරිසක් රැගෙන මීගමුවට පැමිණි විශේෂ දුම්රියක ධාවන කටයුතුවලට ද බාධා එල්ල වුණා.

හිරු වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට එම දුම්රිය අදාළ සංචාරකයින් පිරිස ද සමග කුරණ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවයි.

මේ අතර, කොළඹ සිට හලාවත දක්වා ධාවනය වන කාර්යාල දුම්රියක් ද විරෝධතාවය හේතුවෙන් කුරන දුම්රිය ස්ථානයේ නවතා දැමීමට සිදුවුණා.

ඊට අමතරව, මේ හේතුවෙන් හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය මීගමුව - ගල්කන්ද මංසන්ධියෙන් අවහිර වුණා.

අද උදෑසන ආරම්භ කළ මෙම විරෝධතාවයේදී ධීවරයන් ඉල්ලා සිටියේ තහනම් ආම්පන්න ක්‍රම යොදා ගනිමින් මසුන් මැරීමට ධීවරයන්ට ලබාදී ඇති බලපත්‍ර අහෝසි කරන ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories