නිදහස් උළෙලට සියල්ල සූදානම්

Tuesday, 02 February 2016 - 8:04

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
68 වන ජාතික නිදහස් උළෙල පැවැත්වීමට අවශ්‍ය සියලූම කටයුතු සංවිධාන කර අවසන් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

කොළඹ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එකම දැයක් මහ බලයක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින උළෙල සමරන බවයි.

නිදහස් දින උළෙල පැවැත්වෙන ලබන 4 වන දා කොළඹ - ගාලූමුවදොරපිටිය ආශ්‍රිත මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

මේ අතර අද දිනයේදී ගාලූමුවදොර වට රවුමේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා උදෑසන 5 සිට දහවල් 12 දක්වා වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories