ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Tuesday, 02 February 2016 - 8:17

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මදුරුවන් මගින් ප්‍රචාරණය වන නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන සීකා වෛරසය ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජිනිවා නුවරට ඊයේ රැස්වූ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානීන් එය හඳුන්වා ඇත්තේ මාරාන්තික එබෝලා වෛරසයට සමාන තත්ත්වයකටයි.

මේ අනුව සීකා වෛරසය කඩිනමින් මැඩලීමට සහ ඊට ප්‍රතිකර්ම සෙවීමේ පර්යේෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගනු ඇති.

සීකා වෛරසය ගැබිණි මව්වරුන්ට ආසාදනයවීම නිසා ඇති වන මයික්‍රොසෙෆලි රෝග තත්ත්වය හේතුවෙන් කුඩා මොළයක් සහිත දරුවන් බිහිවීම බ්‍රසීලය ඇතුළු ලතින් ඇමරිකානු රටවලට දැන් දැවැන්ත ගැටළුවක් බවට පත්වී තිබෙනවා.

එවැනි සිද්ධීන් 4000ක් පමණ බ්‍රසීලයෙන් වාර්තා වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාගරට් චෑන් සීකා අවදානමෙන් මිදීම සඳහා ගැබිණි මව්වරුන්ට උපදෙස් මාලාවක් ද නිකුත් කළා.

වෛරසය පැතිරෙන ප්‍රදේශවල සංචාරවලින් වැලකී සිටීම එවැනි ප්‍රදේශවල වාසය කරන්නේ නම් නිරන්තර වෛද්‍ය උපදෙස් පැතීම සහ මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකී සිටීම එම උපදෙස්වලට ඇතුළත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories