මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීම නිසා අත්අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන් සහ බෝට්ටු නිදහස් කර ගැනීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් නැවතත් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය කියා සිටියේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයන් නිදහස් කර ගැනීමට හැකි වූයේ තම ප්රයත්නය නිසා බවයි.
මහඇමතිනිය ලෙස තමා අඛණ්ඩව කළ ඉල්ලීම් අනුව මධ්‍යම රජය කටයුතු කිරීම නිසා ඔවුන් නිදහස් කර ගැනීමට හැකි වුවත් ධීවර බෝට්ටු මෙතෙක් මුදා හැර නොමැති බව ඇය යොමු කළ ලිපියේ සදහන්.
මේ නිසා ඉන්දීය ධීවරයන් සහ ධීවර බෝට්ටු මුදා ගැනීමට පෞද්ගලිකව මැදිහත් වන ලෙස ජයලලිතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබෙනවා.

Follow US
Most Viewed Stories