Update: බැසිල් ගෙන් පැය 7 ක් ප්‍රශ්ණ කරයි

Wednesday, 03 February 2016 - 10:26

Update%3A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද පැය 07 කට ආසන්න කාලයක් ප්‍රශ්න කළා.

ඒ ඔහු අමාත්‍ය ධුරය දැරූ සමයේ දී සිදු කළ ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයට අදාළවයි.

ගම්පහ - ඔරුතොට සහ මල්වාන ප්‍රදේශවල සිදු වූ ඉඩම් හා නිවාස ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව ලැබුනු පැමිණිලි මත මෙම පරීක්ෂණය සිදුකෙරෙනවා.

එසේම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත්ව තිබූ රුපියල් ලක්ෂ 360 ක් වටිනා පයිප්ප බට මැතිවරණ කටයුතුවලට යොදාගැනීම සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ලවුණා.  

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳපුදාගෙන අද මහනාහිමිවරුන් බැහැ දුටුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු  කියා සිටියේ සිවිල් සංවිධානවලට නීතිය පිළිබඳ තීරණ ගැනීමට ඉඩ ලබාදිය නැති බවයි.



Update : Wednsday, 03 February 2016-19.15
---------------------------------------------------------------------------------------------

බැසිල් රාජපක්ෂ අද FCID වෙත කැඳවා ඇත. 

ඒ අනුව හෙතෙම මේ වනවිට එහි පැමිණ සිටී. 

පසුගිය රජය සමයේ සිදු වූ බව පැවසෙන ඉඩම් ගණුදෙනු ඇතුළු සිද්ධීන් කිහිපයක් පිළිබඳ බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරන බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories