Update: විවෘත සරසවිය විවෘත කරන සාකච්ඡා අසාර්ථකයි

Wednesday, 03 February 2016 - 15:10

Update%3A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
වසා දමා තිබෙන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කරන ලෙස ඉල්ලා එහි ශිෂ්‍ය එකමුතුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සමඟ අද පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වුණා.  

කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පා ගමනකින් පැමිණි විශ්වවිද්‍යාල සිසුන් කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවීමෙන් පසුවයි සාකච්ඡාවට එක්වුණේ. 

Update: Wednseday, 03 February 2016 - 19.22
----------------------------------------------------------------------

වසා දමා ඇති විවෘත විශ්වවිද්‍යාලය කඩිනමින් විවෘත කර දෙන ලෙස ඉල්ලා එහි ශිෂ්‍ය එකමුතුව මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.

මේ හේතුවෙන් වෝඞ් පෙදෙසේ එක් මංතීරුවක වාහන ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories