ASP ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න උඩුමහලෙන් තල්ලූ කළ බවට තවත් සාක්ෂියක්

Wednesday, 03 February 2016 - 18:55

ASP+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා පොලීසිය සමඟ ගැටුමේදී මියගිය සුමිත් ප්‍රසන්න සාදය පැවති නිවසේ උඩු මහලින් බිමට තල්ලූ කළ බව පවසමින් තවත් පුද්ගලයෙකු අද අධිකරණයේදී සාක්ෂි ලබාදී තිබෙනවා.

මීට පෙර ඒ පිළිබඳ සාක්ෂියක් ලබාදී තිබුණේ මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ පමණයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඞී.සී. ධර්මරත්න මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු අද ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටියේ හිටපු සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඞී.සී. ධර්මරත්න, දීර්ඝ ප්‍රශ්ණ කිරීමකින් අනතුරුව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මෙම සිද්ධිය හේතුවෙන් අද දිනයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ බවයි.

එමෙන්ම සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණ සංකීර්ණයේ පිටුපස ගේට්ටුවෙන් අධිකරණ ශාලාව තුලට රැගෙනවිත් තිබූ බවද ඔහු සඳහන් කළා.

නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ මරණය සිදු වූ ස්ථානය අවට පිහිටි ආයතන 06 ක       සී.සී. ටී.වී. දර්ශණ මැකී ගොස් ඇති බැවින් එහි දත්ත ගබඩා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට යැවීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඊට අතිරේක මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙනවා.

එසේම අපරාධය සිදුවූ ස්ථානයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සොයාගත් නඩු භාණ්ඩ 17ක් රජයේ රස පරීක්ෂක වෙත යැවිමටද විනිසුරුවරයා මෙහිදී නියෝග කළා.

මරණකරුගේ ලේ සාම්පලයක්ද රස පරීක්ෂක වෙත යවන ලෙසයි අතිරේක මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.  

මරණය සිදුවූ ස්ථානයේ ජායාරූප ඇතුලත් සීඞී තැටියක්ද රහස් පොලිසිය අද අධිකරණයට ඉදිරිපත්කළා.

සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයද  අද ඇඹිලිපිටිය අධිකරණයේදී සිදු කෙරුණා.

එහිදී ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත අතිරේක මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මීළඟ සාක්ෂි විමසීම පෙබරවාරි 10 වනදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories