සමස්ත ජනතාව එක්සත් කිරීමට අදිටන් කර ගත යුතුයි - අගමැතිගේ නිදහස් දින පණිවුඩය

Thursday, 04 February 2016 - 9:42

%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A++%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA
සදාචාර සම්පන්න දේශයක් ලෙස අප රට ඔසවා තබමින්  'එකම දැයක් - මහ බලයක්' තුළ සමස්ත ජනතාව එක්සත් කරමින් 68 වැනි නිදහස් දිනය සමරන්නට ලැබීම අප ලද ජයග්‍රහණයකි.

එංගලන්ත යටත්විජිත භාවයෙන් රට මුදාගන්නට සියලු ජනකොටස් ඒකරාශී කර පෙරමුණ ගත්තා සේම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, හිමිකම් මර්දනය කරමින්, ජාත්‍යන්තරය තුළ රට අපකීර්තියට පත්වෙමින් පැවති අඳුරු වකවානුවක ඒකාධිපතිවාදයෙන්, පවුල්වාදයෙන් රට මුදාගැනීමට අපි පෙරමුණ ගෙන කටයුතු කළෙමු. පසුගිය වසරේ ජනවාරි 08 වැනි දා ලැබූ ජයග්‍රහණය එහි විශිෂ්ටතම ප්‍රතිඵලයකි.

ඒ දිනාගත් නිදහස වඩාත් තිරසර, අර්ථසම්පන්න නිදහසක් බවට පත් කරගැනීමේ වගකීම දැන් අප සැම සතුය. ඒ සඳහා ජාති, ආගම්, පක්ෂ පාට භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාවයි.

ජාත්‍යන්තරය ඉදිරියේ මානව හිමිකම් සුරකින, නිදහස් ගෞරවනීය රටක් ලෙස අපි නැවතත් අපගේ අනන්‍යතාව තහවුරු කරගනිමින් සිටිමු. නීතිය, සාමය හා සංහිඳියාව සුරකිමින්, දියුණු සමාජ ආර්ථික පරිසරයක් රට තුළ ගොඩනැංවීමේ භාරදූර කර්තව්‍යය ද අප ඉදිරියේ ඇත.

මේ සමස්ත ක්‍රියාදාමය තුළ තම භූමිකාව මැනවින් අවබෝධ කරගනිමින් දේශයේ දියුණුව උදෙසා සැබෑ පුරවැසියන් සේ කැපවීමට මෙම නිදහස් දිනයේ දී විශේෂයෙන් අදිටන් කරගනිමු.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories