ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කරයි

Thursday, 04 February 2016 - 11:28

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B7%85+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
68 වන ජාතික නිදහස් උළෙල අවසන් කිරීම සදහා ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කෙරුණි.

කෙසේ වෙතත්  පසුගියදා පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා පැවසුවේ නිදහස් උළෙලේදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළහොත්  එය ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකි වරදක් බවයි.

මේ අතර හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විරෝධයක් නොමැති බවයි.

මහින්ද රාජපක්ෂ රජය පරාජය වීමට ප්‍රධානම හේතුව ජාතිවාදී , වාර්ගවාදී ක්‍රියාවන් බවත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව කියා ගන්නා ඇතැමුන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් කීමට එරෙහි බව කියනුයේ ඔවුන්ගේ පෞද්ගලික අදහස බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.

වාසුදේව නානායක්කාර මහතාද ප්‍රකාශ කලේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි දෙමළ සහ සිංහල භාෂා රාජ්‍ය භාෂා වන බැවින් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ වරදක් නැති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා මේ සම්බන්දයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රථමයෙන් දමිල භාෂාවෙන් ඉන්දීය ජාතික ගීය ගායනා කල යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ විවිධ භාෂාවන් ඉන්දියාව තුල පැවතුනද ඔවුන් ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකින් බවයි.

කෙසේ වෙතත් විද්වතුන් ප්‍රකාශ කර තිබුණේ ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කලහොත් එය ජනාධිපතිවරයා ගනු ලැබු නිර්භීත ක්‍රියාවක් බවයි. 

ජාතික නිදහස් උළෙලේදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළ අයුරු පහතින් නරඹන්න.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories