Update: ගින්නක් නිසා හොරණ සුවඳයි

Thursday, 04 February 2016 - 13:54

Update%3A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%B3%E0%B6%BA%E0%B7%92
හොරණ - බොරලූගොඩ ආයෝජන කලාපයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද පස්වරුවේ හට ගත් ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුවුණා.

ගින්න මැඩ පැවැත්වීම සදහා හොරණ, කලූතර මෙන්ම කොළඹ ගිනි නිවීම් ඒකකවලට අයත් ගිනි නිවීමේ රථ 6 ක් සහ ගිනි නිවන භටයින් 60 දෙනෙකු පමණ යොදා ගැනීමට සිදුවූ බවයි හොරණ ගිනි නිවීම් ඒකකයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

කර්මාන්ත ශාලාවේ දන්තාලේප, ආලේපන ක්‍රීම් වර්ග සහ සුවද විලවුන් වර්ග ගබඩා කර තිබූ නිසා ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබූ අතර එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙහිදී කර්මාන්ත ශාලාව තුළ සිටි සේවකයෙකු රෝහල්ගත කෙරුණේ සුළු තුවාල සහ කම්පන තත්ත්වයක් හේතුවෙන්.

සුවඳ විලවුන් සහ ආලේපන ගිනි ගැනීම නිසා ගින්නෙන් පසු ප්‍රදේශය පුරා දැඩි සුවඳක් පැතිර ගියා.

Update: Thursday, 04 February 2016 - 18.55

--------------------------------------------------------------------------------------

හොරණ - බොරලූගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක් තුළ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වන විටත් කොළඹ, කළුතර සහ හොරණ ගිනි නිවීමේ ඒකක එය පාලනය කිරීම සඳහා දරන්නේ දැඩි පරිශ්‍රමයක්.

මෙම කර්මාන්ත ශාලාවේ දන්තාලේප, සුවඳ විලවුන් සහ ආලේපන වර්ග නිපදවා ගබඩා කර තිබෙනවා.

ඒ හේතුවෙන් ගින්න කඩිනමින් පැතිර යන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories