ඒකාබද්ධ විපක්ෂය සීනීගම දෙවොලට

Friday, 05 February 2016 - 7:52

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%93%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B6%A7
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වසරක් සපිරෙන හෙට සීනිගම දේවාලයේ පොල් ගැසීමේ විරෝධතාවයක් සංවිධාන කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මූල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි නොකරන ලෙස ඉල්ලමින් දේශභිමානී ජාතික පෙරමුණ ද හෙට සීනිගමට පැමිණීමට සූදානම්.  

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ තමන් සිදුවන අසාධාරණකම් වලට විසඳුම් නොමැතිවීම හේතුවෙන් දෙවියන් ඉදිරියේ පොල් ගසා එය ප්‍රකාශ කිරීමට තීරණය කළ බවයි.

මේ අතර දේශාභිමානී ජාතික පෙරමුණේ සභාපති පුෂ්පකුමාර ද සොයිසා පවසන්නේ මූල්‍ය අපරාධ කොට්ඨාශය වංචාකරුවන්ට දඩුවම් කිරීමේ ක්‍රියාවලියේදී අත්‍යාවශ්‍ය බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories