විශාලතම මගී ප්‍රවාහන නෞකාවක් හම්බන්තොටට

Friday, 05 February 2016 - 13:48

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%A7
හම්බන්තොට වරායට මෙතෙක් පැමිණෙන විශාලතම සුඛෝපභෝගි මගී ප්‍රවාහන සංචාරක නෞකාව ලබන ඉරිදා  එම වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ නෙදර්ලන්තයට අයත් අධි සුඛෝපභෝගි එම් එස් රොටඩෑම් නෞකාවයි.

මීටර් 238ක දිගින් යුත් එම නෞකාවේ කාර්ය මණ්ඩලය පමණක් 600 ඉක්මවනවා .

ඉන්දියාවේ කොච්චින් වරායේ සිට පැමිණෙන නෞකාව ලබන ඉරිදා උදෑසන 8ට හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතයි.

නෞකාවෙන් මෙරටට පැමිණෙන මගීන් සඛ්‍යාව 1176 ක්.

මීට පෙර හම්බන්තොට වරායට පැමිණි විශාලතම මගී ප්‍රවාහන සංචාරක නෞකාව වූයේ යුරෝපා - 2 නෞකාවයි.  

මීටර් 226ක දිගින් යුත් එය හම්බන්තොට වරායට පැමිණියේ පසුගිය 29 වනදායි.  

ලබන 7 වැනිදින හම්බන්තොට වරායට පැමිණෙන එම් එස්  රොටඩෑම් නෞකාවද 1500කට ආසන්න මගීන් ප්‍රමාණයකට පහසුකම් ඇති ලොව පුමුඛ සුඛෝපභෝගි නෞකාවක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories