දකුණු පළාත් මහ ඇමති අධිකරණයට භාර වේ

Friday, 05 February 2016 - 14:17

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92++%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B7%8A
වරෙන්තු ලබා සිටි දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා අද අධිකරණයට හමුවේ පෙනී සිටි අවස්ථාවේ පෙර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර නියෝග කළා.

පසුගිය වසරේ ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයේදී තැපැල් ඡුන්දදායකයින්ට බලපෑම් වන ආකාරයට අත්පත්‍රිකා බෙදාහැරි බවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කාර්යාල කාර්ය සහයකයෙකුට එරෙහිව චෝදනා එල්ල වුණා.

ඊට අදාළ නඩුවට පසුගිය 3 වැනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අතර එදින පෙනී නොසිටීම හේතුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories