කොළ දිවියෙකු යතුරුපැදියේ ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියයයි

Friday, 05 February 2016 - 14:20

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හොරණ, පොකුණුවිට - ලබුගම මාර්ගයේ තිබ්බටුගොඩ වෙල්යාය මැද පිහිටි බෝක්කුවක යතුරුපැදියක් ගැටී අද අලූයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් ගෙන ඇති අතර, මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 ක් වන තල්තොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

පාර හරහා ගමන් ගත් බළල් කොටියෙක් හෙවත් කොළ දිවියෙකු යතුරු පැදියේ ගැටීමෙන් පැදිකරුට එය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවේ ගැටී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.  

යතුරුපැදියේ ගැටුණු කොළ දිවියා ද මියගොස් සිටියදී හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

අනතුරෙන් යතුරුපැදියේ පසුපැදිකරුට තුවාල සිදුවී නොමැති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories